Breaking News

>Head Line News நாட்டில் கொரோன தொற்றாளர்கள் அதிகரிப்பு - பொதுமக்கள் தமது பாதுகாப்பினை உறுதிப்படுத்துங்கள் சுகாதாரத்துறையினர் வேண்டுகோள்,மாகாணங்களுக்கு இடையிலான பயணக் கட்டுப்பாடு நீடிப்பு >> >

Thursday, April 11, 2013

ගුවන්සේවා ඉතිහාසය තුළ කැපී පෙනෙන වැඩසටහන් රැසක් නිර්මාණය කළා

 piyankara jayaratne mp copy
වසර සියයක ගුවන්සේවා ඉතිහාසය තුළ ගුවන්සේවා කර්මාන්තයට අදාළව කැපී පෙනුන වැඩසටහන් රැසක් නිර්මාණය කිරීමට මෙම කාල වකවානුව තුළ හැකි වූ බවත් එම තත්ත්වයන් ඉවසා ගත නොහැකි විපක්ෂය ද්වේශ සහගතව සහ ඊර්ෂ්‍යාවෙන් යුතුව පුවත්පත් නිවේදන නිකුත් කිරීමට කටයුතු කරමින් සිටින බවත් සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතා පැවසීය.


ඒ මහතා එසේ ප්‍රකාශ කර සිටියේ ආණමඩුව සංඝට්ටිකුලම ප්‍රදේශයේදී පැවති රට නඟන නිල් රැල්ල වැඩසටහනේ ප්‍රචාරක රැස්වීමකට සහභාගී වෙමින් එ.ජා.ප මහලේකම් තිස්ස අත්තනායක මහතාගේ ප්‍රකාශයකට පිළිතුරු දෙමිනි.

  තවදුරටත් අදහස් දැක් වූ ඒ මහතා පැවසුවේ මේ රටේ ප්‍රථම අගමැති බිහිකළ එ.ජා.පක්ෂය අද බරපතල ලෙස දිරාපත් වෙලා යන ඇට සැකිල්ලක් බවට පත්වී ගෙන යන බවයි. වර්තමාන පරපුර එම පක්ෂයෙන් ඉවත් වෙමින් ඉන්නේ. ත්‍රස්තවාදීන්ගෙන් රට බේරා ගෙන යුද්ධය ප්‍රතික්ෂේප කළා. යුද්ධය පාවා දුන්නා විතරක් නොවෙයි ඊනියා ගිවිසුමක් මඟින් ප්‍රභාකරන්ට රට පාවා දුන්නා. අපේ රණවිරුවන් දහස් ගණනින් ත්‍රස්තවාදීන්ට බිලි දුන්නා. මේ හේතුවෙන් එක්සත් ජාතික පක්ෂ ජනතාව විසින් කටුගෙයක තැන්පත් කරන්නට තීරණය කර අවසන් බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

   තවදුරටත් අමාත්‍යවරයා  ප්‍රකාශ කළේ මත්තල ගුවන් තොටුපොළ වැනසෙනතුරු බලා ගෙන ඉන්න කාලකන්නි ආශාවක් තිස්ස මහත්තයාට තියෙන එක පිළිබඳව තමා පුදුම නොවන බවයි. ඔවුන් තමන්ගේ පක්ෂයේ ක්‍රියාකාරීන් ඔක්කෝම දැන් කටුගේ ආසන්නයට යවල අවසාන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

No comments:

Post a Comment