ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය තුළ එල්.ටී.ටී.ඊ නායකයාව සිටි වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන්දින සැමරුම තහනම් කරන ලෙස බී.ජේ.පී පක්ෂය ඉල්ලීමක් කර තිබේ. බී.ජේ.පී පක්ෂයේ නායක සුභ්‍රමනියම් සාමි විසින් ස්වදේශ අමාත්‍ය රජ්නාත් සිං ගෙන් මෙම ඉල්ලීමකර ඇති බව සඳහන්ය.
එම්.එම්.කේ පක්ෂ නායක වයිකෝ ඇතුළු පිරිසක් තමිල්නාඩුවේ දී ප්‍රභාකරන්ගේ උපන්දිනය සැමරීමට සුදානම් වන බවට තොරතුරු වාර්තාවී තිබේ.
මෙවැනි සැමරුමක් සිදුකිරීම ඉන්දීය ජාතික ආරක්ෂාව පිළිබඳ පනත උල්ලංඝණය කිරීමක් බව සුබ්‍රමනියම් සාමි පෙන්වා දෙයි.
රජිව් ගාන්ධි ඝාතනය කළ එල්.ටී.ටී.ඊ ත්‍රස්ත නායකයෙකු සැමරීමට කිසිවෙකුට ඉඩ නොදිය යුතු බව හෙතෙම පෙන්වා දෙයි.